BENEFITS  >> Statutory Benefits
 
     සාමාජික සේවා අංශය යටතේ ඇති අංශ
ඉල්ලුම්පත් අංශය
ප්‍රතිලාභ පාලන අංශය
අරමුදල් ඉල්ලීම් ගෙවීමේ අංශය
පාරිභෝගික සේවා ඒකකය
 
     අංශවල කාර්යයන්
 
ඉල්ලුම්පත ්අංශය
  තැපෑලෙන් එවනු ලබන මුදල් ලබාගැනීමේ ඉල්ලුම්පත් භාරගැනීම
  භාරගත් මුදල් ලබාගැනීමේ ඉල්ලුම්පත්වල නිවැරදිභාවය පරීක්‍ෂා කිරීම
  ඉල්ලුම්පත් වල සපයා ඇති තොරතුරැවල දත්ත ඇතුලත් කිරීම
  අංශය වෙත පැමිණෙන සාමාජිකයන්ගේ විමසීම් පිළිබඳව කටයුතු කිරීම සහ මුදල් ලබා ගැනීමේ ඉල්ලුම්පත් පිළිබඳව දුරකථන ඇමතුම් වලට පිළිතුරු දීම
   
අරමුදල් ඉල්ලීම් ගෙවිම් අංශය
  මුදල් ලබාගැනීමේ ඉල්ලීම්, ප්‍රතිලාභ ඉල්ලීම් සහ මරණ සම්බන්ධයෙන් ගෙවීම් පිළිබඳ ඉල්ලීම් සඳහා වන චෙක්පත් නිකුත් කිරීම සහ තැපෑලෙන් යැවීම
  වාර්තා පවත්වා ගැනීම
  මුදල් පොත් සාරාංශ සහ සැසඳීම් වාර්තා සැකසීම
  ආදායම් බදු රඳවා ගැනීම සම්බන්ධයෙන් ඉල්ලුම්පත් පිළිබඳව කටයුතු කිරීම අනෙකුත් අංශ සමඟ සම්බන්ධීකරණය
  නවතා ඇති ගෙවීම්, අයිතිකරු ඉදිරිපත් නොවූ චෙක්පත් සහ ආපසු එවා ඇති චෙක්පත් සම්බන්ධයෙන් කටයුතු කිරීම
   
පාරිභෝගික සේවා ඒකකය
  මුදල් ආපසු ගැනීමේ ඉල්ලුම්පත්‍ර නිකුත් කිරීම
  පෞද්ගලිකව ගෙනවිත් භාරදෙන මුදල් ඉල්ලීම් අයදුම්පත් භාරගැනීම
  ප්‍රමාදවී ඇති ඉල්ලුම්පත් පිළිබඳ විමසීම්වලට පිළිතුරැ දීම
  මණ්ඩලය මගින් සපයනු ලබන සේවා සහ ප්‍රතිලාභ පිළිබඳව සාමාජිකයන්ට තොරතුරු සැපයීම
සාමාජිකයන් ඔවුන්ගේ අවශ්‍යතාවයන් අනුව මණ්ඩලයේ අදාල අංශවලට ‍යොමුකිරීම. එනම් දායකමුදල් අයකිරීම, සාමාජික ගිණුම්, අධිභාරය හා අදාල නීතිරීති ක්‍රියාත්මක කිරීම ස්වයංරැකියා ආදිය
 
     පොළිය සහ ලාභාංශ සමඟ අරමුදල් ශේෂය ආපසු ලබා ගැනීම
 
අරමුදල් ශේෂය ඉල්ලුම්කිරීමට අනිවාර්ය වයස සම්පූර්ණ කිරීමේ අවශ්‍යතාව ඇති සේවක අර්ථසාධක අරමුදල (සේ.අ.අ.) මෙන් නොව සේ..භා.අ. සාමාජිකයන් තම අරමුදල් ශේෂය ආපසු ලබාගැනීමට නිශ්චිත වයසක් සම්පූර්ණ කරන තුරු සිටිය යුතු නැත.
 
කෙසේ වුවද පහත සඳහන් කරුණු පිළිබඳ සැළකිලිමත් විය යුතුය.
අරමුදල් ශේෂය ආපසු ලබාගැනීමට ඉල්ලුම්කරන්නේ නම් රැකියාවේ නියුක්තවීම අනිවාර්යයෙන් නතර කළ යුතුය.
රැකියාවේ නියුක්තවීම නතරකිරීමට හේතුව විශ්‍රාම ගැනීම, සේවයෙන් ඉල්ලා අස්වීම, සේවයෙන් පහ කිරීම, තනතුර අතහැර යාම ආදිය විය හැකිය.
මුදල් ආපසු ගෙවීමක් සිදුකර ඇති සේවා නියුක්තියක එය නතර වූ දින සිට වසර පහක් ගතවනතුරැ අරමුදල් ශේෂය ආපසු ලබාගැනීම සඳහා ඉල්ලුම්කිරීමට සාමාජිකයකුට හිමිකම් නොමැත.
 
මෙම රීතිය සම්බන්ධයෙන් ඇති ව්‍යතිරේකයන් පහත දැක්වේ.
 
වයස අවුරුදු 60ට එළඹීම
ස්ථිර පදිංචිය සඳහා වෙනත් රටකට යාම
විශ්‍රාම වැටුපකට හිමිකම් ඇති රජයේ සේවයට බැඳීම
සදාකාලිකව ආබාධිතවීම නිසා රැකියාව අවසන් කිරීම
සාමාජිකයකු මිය යාම
 
සාමාජිකයන් රැකියාවක නියුතුව සිටියදී ඔවුන් වසර පහක සේවාකාලය සම්පූර්ණ කර තිබියදී වුවද වර්තමාන සේවා යෝජකයා වෙතින් ලැබී ඇති දායකමුදල් වලින් යුක්ත වන අරමුදල් ශේෂය ආපසු ලබා ගැනීමට ඉල්ලුම් කළ නොහැකිය.
 
 
මුදල් ආපසු ගැනීමට ඉල්ලුම් කිරීම සම්බන්ධයෙන් ඇති සාමාන්‍ය උපදෙස්
 
මුදල් ආපසු ගැනීමට ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබා ඇති සාමාජිකයන් පහත සඳහන් කරැණු වලට අවධානය යොමු කළ යුතුය.
මුදල් ආපසු ගැනීමට ඉල්ලුම් කිරීමට සුදුසුකම් ලබා ඇති සාමාජිකයන් පහත සඳහන් කරැණු වලට අවධානය යොමු කළ යුතුය.
මුදල් ආපසු ගැනිමට ඉල්ලුම් කිරීම් සකස් කිරීම සැළකිය යුතු ලෙස පරිගණක කර ඇත. එබැවින් දත්ත පිළිබඳව ඇතිවන වැරදි මගහැරීම සඳහා මුදල් ආපසු ගැනීමට ඉල්ලුම්කරන අයදුම්පත පැහැදිලිව නිවැරදිව පිරවීම අවශ්‍යය. නම, ලිපිනය, බැංකු ගිණුම් විස්තර ආදිය පැහැදිලි අකුරෙන් ලිවිය යුතුය. එක් එක් රැකියා නියුක්තිය සඳහා වෙනවෙනම අයදුම් පතක් ඉදිරිපත් කළ යුතුය.
තම නමින් හෝ පවුලේ බැංකු ගිණුමක් සාමාජිකයා සතුව තිබිය යුතුය. ී
බැංකු පාස්පොතේ ඡායාරෑප පිටපතක් හෝ බැංකුවේ නම, ශාඛාව, ගිණුම් අංකය, ගිණුම් හිමියාගේ ලිපිනය සහ ජාතික හැඳුනුම්පත් අංකය ආදිය දැක්වෙන වාර්තාවක් මුදල් ආපසු ගැනීමට ඉල්ලුම්කරන අයදුම්පතට අමුණා තිබිය යුතුය.
සාමාජිකයකු මිය යාම
සේවායෝජකයා විසින් සහතික කරන ලද ජාතික හැඳුනුම්පතේ පිටපතක් ඉදිරිපත් කළ යුතුය.
මුදල් ආපසු ගැනීමට ඉල්ලුම්කරන අයදුම්පතේ සඳහන් නම සඑ වාර්තාවල වාර්ෂික සාමාජික වාර්තාවේ ජාතික හැඳුනුම්පතේ හෝ බැංකු ගිණුමේ දැක්වෙන නම අතර වෙනස් ඇත්නම් එම නම් වලින් හැඳින්වෙන පුද්ගලයා එකම පුද්ගලයෙක් බවට සහතික කෙරෙන ලිපියක් සේවා යෝජකයා විසින් ලබාගෙන ඉදිරිපත් කළ යුතුය
  සාමාජිකයන් රැකියාවක නියුතුව සිටියදී ඔවුන්වසර පහක සේවා කාලයන් සම්පූර්ණ කර තිබියදී වුවද වර්තමාන සේවා යෝජකයා වෙතින් ලැබී ඇති දායක මුදල් වලින් යුක්තවන අරමුදල් ශේෂය ආපසු ලබා ගැනීමට ඉල්ලුම් කළ නොහැකිය.
   
     ඉල්ලා ඇති මුදල් ගෙවීමේ ක්‍රම
   
සාමාන්‍ය ක්‍රමය
  වාර්තා ලැබී තිබීම සහ අවශ්‍ය ලිපිලේඛණ ඉදිරිපත් කිරීම යන කරැණුවලට යටත්ව වැඩකරන දින 21ක් ඇතුළත ඉල්ලා ඇති මුදල් ගෙවීම් කරනු ලැබේ.
විශේෂ ක්‍රමය
  හදිසි කරැණක් උදාහරණ වශයෙන් වෙනත් රටකට යාම, අසනීප විම /සැත්කමක් සිදු කිරීම, උගස් භාණ්ඩ බේරාගැනීම, මංගල උත්සව, අධ්‍යාපනය සඳහා වියදම් ආදිය වැනි පවුලේ වියදම් තහවුරැ කෙරෙන ලේඛනගත සාක්‍ෂි ඉදිරිපත් කිරීමේ කරැණට යටත්ව වැඩකරන දින 14ක් ඇතුලත ඉල්ලා ඇති මුදල් ගෙවීම් කරනු ලැබේ.
ඉල්ලා ඇති මුදල් කඩිනමින් ගෙවීමේ ක්‍රමය
  ඉල්ලා ඇති මුදල් වැඩ කරන දින දෙකක් ඇතුළත ගෙවනු ලැබේ. අදාල ඉල්ලුම්පත් භාර ගැනීමට පෙර දායක මුදල් සහ අදාල වාර්තා මණ්ඩලය වෙත ලැබී තිබෙන බවට සහතික වශයෙන් දැනගත යුතුය. ඉල්ලුම් කරන මුදලේ වටිනාකම අනුව එක් එක් මුදල් ප්‍රමාණය සඳහා රාජකාරිමය වශයෙන් සේවා ගාස්තුවක් අයකරනු ලැබේ.
 
ඉල්ලුම්කරන මුදලේ වටිනාකම  
ගාස්තුව
රු. 2000,000.00 දක්වා     රු. 1,000.00
රු. 2000,000.00 සිට රු. 1,000,000.00 දක්වා  රු. 2,000.00
රු. 1,000,000.00 ට වැඩි      රු. 3,000.00
  මෙම පදනම මත භාරගනු ලබන ඉල්ලුම්පත් ප්‍රමාණය දිනකට ඉල්ලුම්පත් 65 කට සීමා කෙරේ.
  මුදල් ආපසු ගැනීමේ ඉල්ලුම්පත් මණ්ඩලයේ පහත සඳහන් කාර්යාල වලදී භාරගෙන ඒ පිළිබඳව අදාල කටයුතු කරනු ලැබේ.
 
  • ප්‍රධාන කාර්යාලය, කම්කරු ලේකම් කාර්යාලය, නාරාහේන්පිට, කොළඹ 05.
  • ගම්පහ, මහනුවර, මාතර, කුරුණෑගල සහ බදුල්ල පිහිටි ප්‍රාදේශීය කාර්යාල
  කෙසේ වුවද මුදල් ආපසු ගැනීමේ ඉල්ලුම්පත් මණ්ඩලයේ අනෙකුත් ප්‍රාදේශීය කාර්යාල සහ දිස්ත්‍රික් කාර්යාල වෙතද භාරදිය හැකිය.
 
 
   
© ETFB 2009. All Rights Reserved. Solution by SLT Web Services.